ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක් ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ සඳහා වන හොඳම විසඳුම ජනතාව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට යොමු කිරීම බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කරයි.කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සම්බන්ධයෙන් නාගරික නොවන ප්‍රජාව තුළ වැඩි උනන්දුවක් පළවන අතර මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් ඉලක්කගත කණ්ඩායම්වලින් 63%ක් බූස්ටර් එන්නත ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ මහනුවර, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉහළ ප්‍රතිශතයක් ද බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බව ය.