තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ. කි. මී. (50 – 60) දක්වා වැඩි වන අතර එම මුහදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්