ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම පිරිවෙන් ගුරුවරුන්ටත්

ගුරු විදුහල්පති සේවය සදහා ක්‍රියාත්මක වැටුප් වැඩිවීම පිරිවෙන් ගුරුවරුන්ට හිමිවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඒ අනුව ගුරුවරුන් සදහා ලබාදුන් එම වැටුප ජනවාරි මසට හිමි හිඟ වැටුපද සමග පෙබරවාරි මාසයේ සිට පිරිවෙන් ගුරුවරුන්ට ලබාදීිමට කටයුතු කෙරේ. පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සංශෝධනය සදහා සකස් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත පසුගියදා ඉදිරිපත් කළ බව ද මහාචාර්ය කපිල පෙරේරා මහතා කියයි. ඊට අමතරව රාජ්‍ය සේවකයන් සදහා ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව පිරිවෙන් ගුරුවරුන්ටද හිමිවෙයි.

කාලීන පුවත්