සංචාරය කල් දමන ලෙස කළ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම නොතකා චීනය ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය වෙත මිසයිල නිරීක්ෂණ සහ ලුහුබැඳීමේ නෞකාවක් දිගටම යාත්‍රා කරවන බව ඉන්දීය ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැලස්ටික් මිසයිල ලුහුබැඳීමට පවා යොදා ගත හැකි නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කර ඇති බව ද එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි. ඉන්දීය සාගර කලාපයේ නිරීක්ෂණ කටයුතු වල යෙදෙන මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණෙනුයේ සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන අතර එම නැව සතියක පමණ කාලයක් එහි රඳවා තැබීමට ද නියමිතය.පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ විශාල මුදලක් වැය කොට හම්බන්තොට වරාය ඉදි කරන ලද්දේ ද චීන ආධාර යටතේ ය.නමුදු ඉන් අපේක්ෂිත ප්රතිලාභ මෙතෙක් ලැබී නැත.ඇතැම් ඉන්දීය මාධ්‍ය මෙම නෞකාව හඳුන්වා දී ඇත්තේ “ඔත්තු බැලීමේ නෞකාවක්” ලෙසිනි.ඒ අනුව මෙම නාවික ගමන ජාත්‍යන්තර භූ දේශපාලනය කෙරෙහි ද කිනම් ප්‍රමාණයක හෝ අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි යන්න විචාරක මතයයි.