හමුදා සෙනෙවි වරුන් පෙර ගමන් කිරීමෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක කීවේය.ඒ ප්‍රකාශය මඟින් ඔහු අනියමින් කියා සිරියේ හමුදා නායකයන්ට ප්රජාතන්ත්රවාදී දේශපාලනය නොගැලපෙන බව විය යුතු ය.
එහෙත්, ජනරාල් නිලයකට වඩා නිල ගණනාවකින් කනිටු ලුතිනන් කර්නල් නිලයක් හොබවමින් සිට සෞඛ්‍යමය හේතූන් මත කියාකලකට පෙර හමුදා සේවයෙන් ඉවත් වූ ජනපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දරනුයේ ඊට ප්‍රතිවිරුධ මතයක් බව පෙනෙයි.ලබන වසරේ සිට ගොවීන්ට කාබනික පොහොර පිළිබඳ උපදෙස් දෙන්නට ද යුද හමුදාව යෙදවීමට තීරණය කළ ඔහු කීවේ හමුදාවට තව බොහෝ දේ කළ හැකි බව ය.
මේ අතර ජනාධිපති වරයා විසින් ඉකුත් දා සුසිල් ප්‍රේමජයන්ත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනුයේ රජයේ සාමූහික වගකීම කඩකරමින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුකොට ගෙන ය. ඉන් පසුව ද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කීවේ සාමුහික වගකීම ඉටු කළ නොහැකි අයට යා හැකි බව ය.
නැතිනම් ඔහුට යැවීමට සිදුවන බවය. ඉහත සඳහන් ප්‍රකාශ වලින් ජනාධිපතිවරයා කිසියම් ඒකාධිපති ස්වරූපයකට හැඩ ගැසෙන බවක් යමකුට පෙනී යා හැක.එහෙත් එවැන්නක් පිළිබඳ පුරෝකතන ඉදිරිපත් කිරීමට තව බොහෝ කල් වැඩි යැයි අපට සිතෙයි.
නමුත් ජනාධිපති වරයාගේ එම අනතුරු හැඟවීමෙන් පසුව නිමල් ලන්සා රාජ්‍ය ඇමතිවරයා ද ප්‍රකාශයක් කරමින් කීවේ මහජන නියෝජිතයන් ලෙස දේශපාලනඥයන්ට කුමන පක්ෂය නියෝජනය කළත් ජනතාව වෙනුවෙන් කතා කළ යුතු බව ය.
එසේ නොකළ හොත් ජනතාව තමන් ප්‍රතික්ෂේප කරනු ඇතැයි ද ඔහු කීවේය.ඒ අනුව එවන් තත්වයක් යටතේ තනතුරු පවා අත හැරීමට තමන් සූදානම් බව ද ඔහු කියා තිබුණි.ලන්සා ඇමති වරයා මීට පෙර ද ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ගෑස් සංගම් සභාපති ඉල්ලා අස්විය යුතු බව කී ඇමතිවරයා ඔහු ඉවත් නොවන්නේ නම් “ගහලා පැන්නිය යුතු’ බව ද ප්‍රසිද්ධියේ ම කීවේය. නමුත් ඔහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු පියවරක් ගත්තේ නැත.
සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයා ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු :”මං ගැන හරියට දන්නේ නැති නම් අගමැති අයියාගෙන් අහගන්න “කියා ජනපති වරයාට කීය.ඔහු ඉන් අනියමින් අඟවන ලද්දේ ජනපති වරයාට අප රටේ වර්තමාන ක්ෂේත්රය පිළිබඳ ප්‍රායෝගික දැනීමක් නොමැති බව ය.එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයා ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ ව අගමැති වරයා දැන ගත්තේ ද තම බිරිඳ පැවසීමෙන් පසුව බව ප්‍රකාශ වී තිබේ.
මේ අතරේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද දේශපාලන රැස්වීමක දී සුසිල් ඇමතිවරයා ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කතා කළේය. එහි දී ඔහු කීවේ නිමල් ලන්සා සුසිල් ඇමතිවරයාට වඩා බරපතල ප්‍රකාශයක් කළත් ඔහු ගැන ජනාධිපතිවරයා කිසිදු පියවරක් නොගත් බවය. ඔහු ඉවත් නොකිරීමට හේතුව තමන් දන්නා බව කී හිටපු ජනාධිපතිවරයා ලන්සා ඇමතිවරයා රහස් රැසක් දන්නා බැවින් ඔහු කුමක් කීවත් ඉවත් කරන්නේ නැතැයි ද කීවේය.
නිමල් ලන්සා ඇමතිවරයාට අවශ්‍ය නම් මාධ්‍ය කැදවා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දීමට හැකියාව තිබුණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට උණුසුම් පිළිතුරක් දීම තුළින් දවසේ පුවතේ හිමිකරු වීමේ හැකියාවද ලන්සා ඇමතිවරයාට තිබිණ. එහෙත් කෙටි කලක් නිහඩව සිටි ඔහු හිටි අඩියේ මෙලෙස ප්‍රකාශයක් කිරීම ද සැක සහිතය.හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කීලෙස සැබෑවටම ඔහු යම් රහසක් දන්නේ ද යන පැනය ද පවතියි.
සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයා කතා කළේ ජනතාවගේ පැත්තේ සිට ය. ඔහු කීවේ ජනතාව මේ මොහොතේ පීඩාවට පත්වීමට කෘෂිකර්ම ඇමතිවරයා හා වෙළෙඳ ඇමතිවරයා මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීන්දු ගන්න අය වගකිව යුතු බව ය.ඔහුගේ ඒ ප්‍රකාශය ප්රජාතන්ත්රීය හිමිකමක් බව එද මෙදා තුර දේශපලනමය සිදු වීම් විමසීමේ දී පෙනී යයි.
එමෙන්ම විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන ඇමති වරුන් ද කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකණය හමුවට පවා ගොස් ඇත.එහි දී ජතපති වරයා සාමූහික වගකීමේ කතාව අමතක කොට තිබේ.
මේ අතර සුසිල් ඇමති වරයා ධූරයෙන් ඉවත් කළ දින සවස නිමල් ලන්සා ඇමතිවරයා සහ සුසිල් ඇමතිවරයා කොළඹ පිහිටි සුපිරි හෝටලයකදී හමුවූ බවට ද මාධ්‍ය වාර්තා පළවිය.
එහිදි ලන්සා ඇමතිවරයා සුසිල් ඇමතිවරයාට බුරියානි සංග්‍රහයක් පරිනැමූ බවටද වාර්තා විය. ඒ ගැන මාධ්‍ය විමසීම් කරද්දී ලන්සා ඇමතිවරයා කීවේ තමන් හෝටලයකදී ආහාර ගනිමින් සිටියදී වෙනත් කාරණයකට හෝටලයට පැමිණි සුසිල් ඇමතිවරයා හමුවී කතා කළා මිස ඔහු වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් නොපැවැත්වූ බව ය.
ඒ අතර මැලිකම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පසුගිය දිනක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදු වන්නට ඉඩ දී බලා සිටීම මැතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කරන ලද්දකැයි යන සැකය මතු වන බව ය.
හිටපු ජනාධිපතිවරයා හා නිලධාරින් මෙයට වගකිව යුතු බව ද කාදිනල් හිමියෝ කියා සිටියහ.
එනයින් බලන කල රහස් රැසක් මේ තුළ පවතින බවට සැකයක් නැත.සුසිල් ඇමතිවරයා කතා කළේ ජනතාවගේ ප්‍රශ්නයක්ය. ඔහුගේ ඇමතිධූරය අහිමි වන්නේ ද ජනතාවගේ ප්‍රශ්නයක් කතා කිරීමට යාම නිසා ය.
නමුදු ජනපති වරයාගේ අනතුරු හැඟවීම් නොතකා එලෙස රජය දැඩිව විවේචනය කළ ලන්සා ඇමති වරයාට හිටපු ජනපති වරයා කී ලෙසින්ම තවම එවැනි “අලකලංචියක්’ සිදුව නැත.
ජනතාවගේ ප්‍රශ්නයක් කතා කිරීම නිසා ආණ්ඩුවෙන් වීසිවෙන පුද්ගලයන් ඇද වැටෙන බව ඇත්තකි.එහෙත් එසේ ඇද වැටෙන තැනක් ද තිබේ.ඒ ජනතාවගේ ජනතාවගේ ඔඩොක්කුව ය.
ලසන්ත වීරකුලසූරිය