‘ජුරාසික් පාර්ක්’ සහ ‘පීකි බ්ලැයින්ඩර්ස්’ යන චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කළ ප්‍රකට නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී සඳුදා (13) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීහු ප්‍රකාශ කරති. මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 78 කි.”සෑම් නීල්ගේ අභාවය පිළිබඳ පුවත ඔහුගේ පවුලේ අය දැඩි කනගාටුවෙන් යුතුව දැනුම් දෙමු” යැයි එම නළුවාගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරන ලද ප්‍රකාශයක සඳහන් විය.”මෙම අභාවය හදිසියේ සහ බලාපොරොත්තු නොවූ ලෙස සිදු වූවක් වුවද, සෑම් මියයන විටත් පිළිකා රෝගයෙන් මිදී සිටීම සැනසීමට කරුණක්,” යැයි එම ප්‍රකාශයේ දැක්විණි.සෑම් නීල් කලක් දරුණු ගණයේ ලේ පිළිකා රෝගයකට එරෙහිව සටන් කළ අතර, පසුගිය අප්‍රේල් මාසයේදී තමන් පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බව ඔහු අනාවරණය කර තිබුණි.
“සෑම් අවසන් හුස්ම හෙළුවේ ඔහුගේ පවුලේ අය පිරිවරාගෙන, ඔහුගේ මුළු ජීවිතය පුරාම දක්නට ලැබුණු ගෞරවනීයත්වයෙන් යුතුවයි,ශාන්ත වින්සන්ට් පුද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය ලබා දුන් විශිෂ්ට සාත්තු සේවය වෙනුවෙන් පවුලේ අය ඔවුන්ගේ බලවත් කෘතඥතාව පළ කර සිටිනවා.වැඩිදුර තොරතුරු පසුව දැනුම් දෙනු ඇත” ආදී වශයෙන් එම ප්‍රකාශයේ සඳහන් විය.දශක පහක් පුරා විහිදුණු, විවිධ ගණයේ සිනමාපට නියෝජනය කළ රංගන ජීවිතය තුළ, ඔස්කාර් සම්මානලාභී ‘ද පියානෝ’ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා රැසකට මෙම ප්‍රශංසනීය නළුවා දායක වී ඇත. එහෙත් ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ට් නම් සුවිශේෂී චරිතය නිරූපණය කිරීමෙනි.