පවතින ඩීසල් මිල ඉහළ යාම සහ දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය එළවළු මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් පාරිභෝගිකයා මෙන්ම සුළු පරිමාණ වෙළෙඳුන් ද දැඩි අසීරුතාවයට පත්ව සිටිති.ප්‍රවාහන වියදම නිසා වෙළෙඳුන්ගේ පැමිණීම අඩු වී තිබේ.ඉන්ධන මිල, විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇත. මෙහි සෘජු බලපෑමක් ලෙස ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු මිලදී ගැනීමට පැමිණෙන සුළු පරිමාණ වෙළෙඳුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ. අධික ප්‍රවාහන වියදම් දැරීමට සිදුවීම නිසා කුඩා ලොරි රථ මගින් සුළු පරිමානයෙන් වෙළෙඳාම් කරන්නවුන් සිය කටයුතු සීමා කර තිබේ.