“ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘති කරන්න එපා” පිටිදූවේ හිමියන්ට මල්වතු කාරක සංඝ සභාවෙන් අවවාද

ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථකාරී දේශන පැවැත්වීමෙන් වළකින ලෙස පිටිදූවේ සිරිධ්ම්ම හිමියන් වෙත මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව අවවාද කළ බවත් ඒ අනුව උන්වහන්සේ තම දේශනා ආගම දහමට අනුකූල ව පමණක් සිදු කරන බවට පොරොන්දු වූ බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නා හිමියෝ මල්වතු මහා විහාරයේ පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළහ,පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු මහා විහාරයට කැඳවා මෙසේ අවවාද සිදු කළ බව පහමුණේ ශ්‍රී සුමංගල නා හිමියෝ කීහ.මේ වන විට තම සැබෑ පැවිදි නාමය පවා වෙනස් කොට නික්ලේශී යන අරුත දනවන සමන්ත භද්‍ර යන නමින් පෙනී සිටිමින් පැවිදි ශික්ෂා මාර්ගයෙන් පරිබාහිර සේම ශාසන විරෝධී ක්‍රියාවන් හි යෙදෙන පිටිදූවේ සිරිධ්ම්ම හිමියන් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් ව හිඳිති.එමෙන්ම ධර්ම විනය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති අප රටේ රාජ්‍ය නායකයන් පවා ඒ හිමියන් ගේ අදහස් වලට නතු වීම ශාසනික ඛේදවාචකයක් බව ද භික්ෂු සමාජයේ බහුතරයක ගේ මතය වී තිබේ. මෙය සිරිධම්ම හිමියන් මෙලෙස අවවාද ලැබූ දෙවන අවස්ථාව ද වෙයි.

 

කාලීන පුවත්