මුදල් අමාත්‍යාංශ සහකාර අධ්යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කුලියාපිටිය පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (01) සිදුකළ අතර එහිදී අනාවරණ වී තිබුණේ සහකාර අධ්යක්ෂවරයාගේ මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල හේතුවෙන් සිදුවූ දිවි නසාගැනීමක් බවය.මහා භාණ්ඩාගරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ වරයා පසුගිය 30 වන දා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට තිබූ බව පොලීසිය පැවසූ අතර ඒ අනුව මෙය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.
මිය ගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ද පත්කරනු ලැබීය.