දුමින්ද සිල්වා යළි අත් අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සීඅයිඩියට නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කොට තිබේ.ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කොට ඇත.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කොට තිබේ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇගේ මෑණීයන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්කොට ඇත.

කාලීන පුවත්