නීති විරෝධී දඩයම් කරුවෙක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී වන අලි ප්‍රහාරයෙන් මරුට

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයේ දී එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව විල්පත්තුව උද්‍යාන භාරකාර සුරංග රත්නායක මහතා පවසයි.මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇත්තේ කල්පිටිය මරිච්චිකට්ටි ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ඒ. මොහොමඩ් නමැති අයෙකි.වල් අලි ප්‍රහාරයට ලක්වු දඩයක්කරුවන් කල්පිටිය හා මරිච්චිකට්ටුව ප්‍රදේශ වල පදිංචි කරුවෝ වෙති.මෙම පිරිස ධීවර යාත්‍රා උපයෝගී කර ගෙන කුදිරමලේ තුඩුව ආසන්නයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටියදී මද කිපී සිටි අලියකුගෙ ග්‍රහණයට ලක්වි ඇති බව වනජීවි නිලධාරීහු පවසති.

කාලීන පුවත්