නොරොච්චෝලේ 03 වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 03 වැනි ජනන යන්ත්‍රය ඊයේ(23) අලුයම ජාතික පද්ධතියට සම්බන්ධ කළ බව, ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.එම සමාගම සඳහන් කළේ, ඊයේ(23) පස්වරුව වන විට 01 වන ජනන යන්ත්‍රය ද ජාතික පද්ධතියට එක් කිරිමට සැලසුම් කර ඇති බවයි.

එම සියලු ජනන යන්ත්‍රවලින් ජාතික පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාවය මෙගාවොට් 810 ක්.මේ අතර දෛනික විදුලිය කලමනාකරණය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ද ජාතික පද්ධති ක්‍රියාකරු සමාග ප්‍රකාශ කරයි.සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන්, පසුගිය 17 වැනි සෙනසුරාදා පෙරවරු 11.43ට දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.

ඒ හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වූ අතර, විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින කලාප 4 කට බෙදා දිනකට පැය බැගින් විදුලි කලමනාකරණයට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පියවර ගන්නාලදි.

කාලීන පුවත්