රට පත්ව ඇති අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා පක්ෂ බදාගෙන නොසිට හැකි අයුරින් රජයට සහාය දැක්වීම තම අරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.එමෙන්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කළ බවට මෙතෙක් දැනුවත් කිරීමක් මහින්ද අමරවීර මහතා පවසයි. තමන් ඇතුඵ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත්. වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීමට කිසිදු අදහසක් නොමැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.එමෙන්ම වත්මන් ජනතා අභිලාෂයන් මුදුන් පත් කිරීමට රජය හා එක්වන අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය සදහා අඛණ්ඩව කටයුතු කළ බව ද ඔහු පවසයි.