පවුම් 38 රන් තැටිය නැති වීම ගැන කතරගම චූටි කපුවා අත් අඩංගුවට ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත (චූටි කපුවා)මහතා අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (19) පොලිසියට බාර වීමෙන් අනතුරුවය.ඒ සම්බන්ධයෙන් එම සැකකරුගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කර ගෙන තිබේ.රන් තැටිය අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුvaa vana සොමිපාල ටී රත්නායක මහතා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.පසුව ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර ඇත.එය පූජා කරන අවස්ථාවේදී තේවාව භාරව සිට ඇත්තේ අත් අඩංගුවට ගැනීමට සොයන සැකකාර ප්‍රධාන කපු සොමිපාල ටී රත්නායක මහතා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.පූජා කරන ලද එම රන් තැටිය සති දෙකකට පමණ පසු ප්‍රධාන කපු මහතාගේ කාමරයේ තබා ඇති බවත් එය අස්ථාන ගත වී ඇත්තේ ඉන් පසුව බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.