ප්‍රදේශ කිහිපයකට අද පැය 05කට ජලය කැපේ

පුජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සදහා සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(06) පෙ.ව .9.00 සිට ප.ව 2.00 දක්වා පැය 05 කාලයක් පහතින් දක්වා ඇති ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ:

මැදවල (පැරණි) සේවා ජලාශය
කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට, තලපැලැල්ලේගොඩ පාර.

මැදවල (නව) සේවා ජලාශය
බටුගොඩ, ඇහඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරන්කහව, බොක්කාවල, වලතැන්න, පතිරාද.

ගල්ලෙනවත්ත සේවා ජලාශය
ගල්ලෙනවත්ත, ඛාන්අංග

ගලගෙදර සේවා ජලාශය
ගලගෙදර, වෑමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ රඹුක්කන පාර, පොහොලියද්ද පාර, කුරුණෑගල පාර.

මාවතගම සේවා ජලාශය
මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව, පීලැස්ස

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

කාලීන පුවත්