පාසල්-පෙර පාසල් දරු­වන්ට ඇඟ වැසෙන ඇඳුම් ඇඳී­මට අව­සර

මදුරු දෂ්ට­න­යෙන් ආරක්ෂා වීම සඳහා පාසල් දරු­වන්ට නිල ඇඳු­මට අම­ත­රව අත් සහ කකුල් වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය අව­සර ලබා දී තිබේ. මීට අම­ර­තව පෙර පාසල් දරු­ව­න්ටද ආව­ර­ණය වන පරිදි සුදුසු ඕනෑම ඇඳු­ම­කින් සර­සවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශ­යද මවු­පි­ය­නට දැනුම් දෙයි.

ඩෙංගු වයි­ර­ස­යෙන් පාසල් හා පෙර පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පිය­වර අනු­ග­ම­නය කිරී­මට රජය තීර­ණය කර තිබේ.ඒ සඳහා අදාළ උප­දෙස් සියලු විදු­හ­ල්ප­ති­ව­රුන්ට මේ වන විට දැනුම් දීමට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇත.ඊට අම­ත­රව නිසි ප්‍රමි­ති­ය­කින් යුක්ත මදුරු වික­ර්ෂක භාවිත කිරීම සඳහා සිසුන් දැනු­වත් කරන ලෙසට ද අදාළ උප­දෙස් මඟින් විදු­හ­ල්ප­ති­ව­රුන්ට දැනුම් දී තිබේ.

පසු­ගිය කාලය තුළ සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩ­ස­ට­හ­න්ව­ලදී පරී­ක්ෂා­වට ලක් කළ පරිශ්‍ර අත­රින් වැඩි­පු­රම ඩෙංගු මදු­රු­වන් බෝ කරන ස්ථාන ලෙස පාසල් හඳු­නා­ගෙන ඇති අතර එය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 40ක පමණ පරිශ්‍ර සංඛ්‍යා­වක් බවට හඳු­නා­ගෙන ඇත.

එමෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමු­වේදී කාන්තා හා ළමා කට­යුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහ­ත්මිය පැව­සුවේ, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ගත් ක්‍රියා­මා­ර්ගය පෙර පාසල් දරු­වන්ට විශේ­ෂ­යෙන් අදා­ළයි. මොකද පෙර පාසල් දරු­වන් සඳ­හාත් දරු­වන්ගේ ආර­ක්ෂාව සඳ­හාත් ගන්න පුළු­වන් මදුරු වික­ර්ෂක භාවිත කරන්න. මදු­රු­වන් දෂ්ට­න­යෙන් ආරක්ෂා වීම සඳහා ගන්න පුළු­වන් උප­රිම ක්‍රියා­මාර්ග ගන්න කියන එක තමා දෙම­ව්පි­යන් හැමෝ­ටම කියන්නේ. මේ අර්බු­දය පාසල් තුළ­ටත් පව­ති­නවා. ඉදිරි සති දෙකත් විශේ­ෂ­යෙන් අව­ධා­න­යෙන් පසු­විය යුතු බවයි.

කාලීන පුවත්