පොල් හා තැඹිළි වගාව තුළ ව්‍යාප්තවෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක් තුළ කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තු කමිටු අංක 02 ශාලාවේ දී පැවැති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනලදි.
සුදුමැස්සාගේ හානිය ඉතාමත් බරපතල බවත්, මේ වනවිට එම කෘමි හානිය දිවයිනේ සෑම ප්රදේශයකින්ම වාර්තා වන බවත් උපදේශක කාරක සභාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දෙනලදි.
සුදුමැස්සාගෙන් හා අනෙකුත් කෘමින්ගෙන් පොල් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව ඒකාබද්ධ වැඩ සටහනක් මාසයක් තුළ අරඹන්නැයි ද , ඒ සඳහා වැය වන මුදල් පොල් සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.