හුරුළුවැවේ ජල ධාරිතාව පහළට

අනුරාධපුරයේ ප්‍රධාන වාරි ජලාශයක් වන හුරුළුවැවේ ජල ධාරිතාව පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් පහළ බැස තිබේ.පසුගිය යළ කන්නයට ගොවිතැන් කටයුතු සඳහා සිදුකළ ජලය නිකුත් කිරීම, පසුගිය 3 වැනිදා සිට නවතා දමා ඇත.

ඒ වනවිට, හුරුළුවැවේ ජල ධාරිතාව අක්කර අඩි 15,750ක් පමණ පැවති අතර, මේ වන විට එය අක්කර අඩි 14,895ක් දක්වා අඩුවී ඇති බව සඳහන්.මේ අතර හුරුළුවැවේ සම්පූර්ණ ජල ධාරිතාව වාර්තා වන්නේ අක්කර අඩි 55,000ක්.

කාලීන පුවත්