බදු පොලු තැබූ 57කට නඩු

රජයට අයවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවීම පැහැර හරින ලද පුද්ගලයන් සහ ආයතන 57කට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.

දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් එම නඩු 57 වෙන් වෙන් වශයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ එලෙස පවරනු ලැබීය.

කොළඹ නගරයේ ව්‍යාපාරිකයන්, වෙළෙඳ ආයතනවල හිමිකරුවන් පිරිසකට සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනවලට එරෙහිව රජයට අයවිය යුතු බදු මුදල් නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් එම නඩු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

කාලීන පුවත්