බැසිල් වගේ අවංකයෙක් ජනපති වීම රටේම වාසනාවක්

බැසිල් රාජපක්ෂ මහතා වැනි අවංක දේශපාලනඥයකු මේ රටේ ජනාධිපති ධූරයට පත්වීම රටේ වාසනාවට සිද්ධවන දෙයකැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.ප්‍රතිවාදීන් විසින් හොරෙකු ලෙස හංවඩු ගසා සිටින බැසිල් රාජපක්ෂ මහතා, කිසිදු හොරකමක් සිදු නොකළ පුද්ගලයෙකු බව යම් දිනෙක ජනතාව දැන ගනු ඇතැයි ද ඔහු පවසයි.බැසිල් රාජපක්ෂ ව්‍යාපාරිකයන්ගෙන් සියයට දහයක කොමිස් මුදල් ලබාගත් බවට වන චෝදනාව කිසියම් ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වී සත්‍යය බව ඔප්පු කළහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බව ද පක්ෂ මහලේකම් සාගරකාරියවසම් මහතා පවසයි.එසේම, බැසිල් රාජපක්ෂ මහතා කොතරම් අවංක පුද්ගලයෙක්ද කිවහොත්, අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන වාහන බලපත්‍රය හෝ ඔහු කිසි දිනෙක ලබාගෙන නැති බව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම් වරයා පවසයි.එහෙත් මහලේකම් වරයා බැසිල් රාජපක්ෂ මහතා ගේ අවංක බව විස්තර කිරීමට ගිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන නීත්‍යානුකූල වාහන බලපත්‍රය ලබා ගැනීම පවා සොරකමක් වංචාවක් සේ හැඳින්වීම ගැටළු සහගත බවත් එය සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට කළ නිගරුවක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයෝම කියති.

කාලීන පුවත්