බුදු දහම අපට දායාද වූ මිහින්තලේ දී පිළිස්සූ රෝගී වන අලියා මරුට

බුදු දහම අපට දායාද වූ මිහින්තලේ දී පිළිස්සූ රෝගී වන අලියා මරුට මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) සවස ජීවිතක්ෂයට පත් ව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට නොහැකිව හා ඇවිදීමේ අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වන අලියාට කිසියම් පිරිසක් ඉකුත්දා රාත්‍රියක ගිනි පන්දම් දල්වා පුළුස්සන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය විය.ඉන් මෙම වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයක් දරුණු ලෙස පිලිස්සීමට ලක්ව ඇති බවට සැක කෙරෙන අතර වන ජීවී අංශ නිලධාරීන් පශු වෛද්‍ය කණ්ඩායම් එක්ව වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර එම අලියා ජීවිතක්ෂයට පත් ව තිබේ.අසාධ්‍ය තත්ත්වය තත්ත්වයේ ගිලන්ව සිටි මෙම වන අලියාගේ මරණයට නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර මෙවන් අතිශය කෲර සිදුවීම් හමුවේ ඒවා සිදු කළවුන්ට එරෙහිව සමාජයේ තවත් කොටසක් නීතිය අතට ගැනීමේ අවදානමක් ද පවතින නිසා මෙවන් ම්ලේච්ඡ ක්‍රියා වහාම නතර කිරීම රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධානතම වගකීමක් බව හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා පවසයි.ඔහු වැඩි දුරටත් අවධාරණය කරනුයේ ලොව විශිෂ්ඨතම අහිංසාවාදී ශාස්ත්‍ර දේශනාවක් වන බුදු දහම අප රටට දායාද වූ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් සිඩු වූ මෙම කෲර ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධයෙන් මෙරට මහා සංඝරත්නය ද වහා ක්‍රියාකාරී විය යුතු බවකි.

කාලීන පුවත්