බොරතෙල් රැගත් නෞකාවක් අද මෙරටට

මැද­පෙ­ර­දිග යුද්ධය ආරම්භ වී මේ දක්වා යුද කලා­පය හරහා බොර තෙල් නැව් මෙර­ටට පැමි­ණීම නත­ර­කර තිබූ කාල­සී­මාව අව­සන් කර­මින් පළමු බොර තෙල් නැව අද (17) කොළ­ඹට ළඟා වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වැඩි වශ­යෙන් බොර තෙල් මිලදී ගන්නා රට වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යෙන් පිටත්වූ මෙම නැවෙහි බොර­තෙල් මෙට්‍රික් ටොන් 97,500ක් ගෙනැ­විත් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්ති­කු­මා­රගේ මහතා පව­සයි.

ශ්‍රී ලංකාවේ දැනට අවශ්‍ය ඉන්ධන ප්‍රමා­ණය ලබන ජූනි මැද දක්වා ප්‍රමා­ණ­වත් ආකා­ර­යට සපු­රා­ගෙන ඇතැයි කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා වැඩිදුරටත් පව­සයි.

මෙම තෙල් නැවට අම­ත­රව අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යෙන් ශ්‍රී ලංකාව මිලදී ගත් තෙල් නැව මැයි මස මුලදී මෙර­ටට පැමි­ණෙනු ඇතැයි ආචාර්ය මයුර නෙත්ති­කු­මා­රගේ මහතා සඳ­හන් කරයි.

කාලීන පුවත්