මන්දිර වලට හානි කළ අනූ දෙනෙක් හඳුනා ගැනෙති

ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රජයේ ස්ථානවලට අයථා ලෙස කඩා වැදී රාජ්‍ය දේපල අලාභ හානි කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයන් අනූවක් පමණ පොලිසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇත.මෙසේ හඳුනාගත් පුද්ගලයන් නීතිපති උපදෙස් මත අත් අඩංගුවට ගැනීමටත් නඩු පැවරීමටත් කටයුතු යොදා ඇත.මේ අතර අරගලයේ නිරත සියළුම දෙනා අත් අඩංගුවට ගන්නා බවට ඇතැම් පිරිස් පතුරුවන ආරංචි මුළුමනින්ම සාවද්‍ය හා පදනම් විරහිත බව පෙන්වා දෙන පොලීසිය ඉහත සඳහන් නීති විරෝධී ක්‍රියාවන් හි යෙදුණු පුද්ගලයන් හැර සාමකාමී අරගලයේ නිරත වූවනට මෙම ක්‍රියාදාමයේදී කිසිදු බලපෑමක් සිදු නොවන බව අවධාරණය කරයි.

කාලීන පුවත්