“මහනුවර වීදි සුනඛයන්ට නගර සභාවේ රැකියා”

නිවාස අහිමිව වීදි ආශ්‍රිතව ජීවත් වන අසරණ සුනඛයන්ට ආහාර ලබා දීම සම්බ්න්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පසුගිය දිනයෙක පළ කළ නිශේධනාත්මක අදහස මුල් කොට මේ වන විට පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ.”මහනුවර වීදි සුනඛයන්ට නගර සභාවේ රැකියා” යනුවෙන් මෙම ඡායාරූපය ද සහිතව මේ දිනවල සමාජ ජාලා මඟින් පැතිර යන උපහාසාත්මක ප්‍රවෘත්තිය ද එම සමාජ කතිකාවේම දිගුවකි.ඉන් පැවසෙනුයේ වීදි සුනඛයන් හට ආහාර දීම සම්බන්ධයෙන් ජනතාව උදාසීන කරවන ප්‍රකාශ කළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වරයා පේරාදෙණිය ගැටඹේ පිහිටි තම ප්‍රධාන කාර්යාලයට ආසන්නතම මහනුවර මහ නගර සභා බලධාරීන් හා කතා කොට මෙතෙක් අනුන් ගේ ඉඳුළින් යැපුණු මහනුවර නගරයේ වීදි සුනඛයන් හට එම මහ නගර සභාවේ රැකියා අවස්ථා හිමි කොට ඇති බවකි.

කාලීන පුවත්