යෝෂිත සීඅයිඩියට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාට ජනවාරි මස තුන් වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඇත.ඒ අයථා වත්කම් උපයා ගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් එහිදී ප්‍රකාශයක් ලබා ගැනීම පිණිස ය.මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වන නෙවිල් වන්නි අාරච්චි මහතා ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.ඒ ද අයථා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ය.

කාලීන පුවත්