රාජිතට කැබිනට් ඇමති කමක්?

සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු එකඟතා වැඩ පිළිවෙලකට යා යුතු බව තරයේ කියා සිටි හිටපු අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා අයවැය සම්මත කිරීමට පෙරාතුව කැබිනට් මණ්ඩලයට එක් වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.අයවැය සම්මත කිරීමට පෙරාතුව පිහිටුවන කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත්කිරීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ අවධානය යොමු වී ඇතැයි ද රජයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සතු දේශීයත්ව දැනුමත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සතු ජාත්‍යන්තර දේශපාලන දැනුමත් සුසංයෝග කොට වඩාත් ශක්තිමත් දේශපාලන ඉදිරි ගමනක් යාම කෙරෙහි සජිත්ප්‍රේමදාස මහතා ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවට සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරිපත් කොට ඇති යෝජනාව ඒ මහතා “සොරුන් හා දූෂිතයන් තමන්ට එක් ව වාඩි විය නොහැකි” බව පවසමින් බවතරයේ ප්‍රතික්ෂේප කරන බව ද සමගි ජනබලවේග අභ්‍යන්තර ආරංචි මාර්හ කියයි.ඒ අනුව ඉදිරියේ දී තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ඇතුළු තවත් සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වනු ඇතැයි ද දැන ගන්නට තිබේ.

කාලීන පුවත්