ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී ඇතැයි එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක් පෙන්වා දී තිබේ.ඔහුගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී ඇත.මහාචාර්ය ස්ටීව් හැන්ක් වැඩි දුරටත් පෙන්වා දෙන අන්දමට ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුල සිම්බාබ්වේ භාවිතා කරන ආර්.ටී.ජී ඩොලරයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 73.33 අවප්‍රමාණය වී ඇති අතර කියබානු පෙසෝ මුදල් එක්කයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 57.65 කින් අවප්‍රමාණය වී ඇත.