ශ්රී ලංකාවට බලපෑ හැකි ප්රබල එල්නිනෝ දේශගුණික තත්ත්වයක් සම්බන්ධයෙන් ජාත්යන්තර අනාවැකි මගින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඊයේ (20) පස්වරුවේ සිට දිවයිනේ බොහෝ ප්රදේශවලට තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා, ක්ෂණික ගංවතුර හා නායයෑම් වැනි ආපදා ඇතිවීමේ අවදානම පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව අවධාරණය කරයි.
එක්වර විශාල වර්ෂාපතනයක් ලැබීමෙන් පහත්බිම් ජලයෙන් යටවීම, ඇළ දොළ හා ගංගා ආශ්රිතව ජල මට්ටම් ඉහළ යාම සහ කඳුකර ප්රදේශවල නායයෑම් අවදානම වර්ධනය විය හැකි බැවින්, කාලගුණ අනාවැකි සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) දේශගුණ අනාවැකි මධ්යස්ථානය 2026 ඔක්තෝබර් 8 වැනිදා නිකුත් කළ දත්ත අනුව, මේ වන විට වර්ධනය වෙමින් පවතින එල්නිනෝ තත්ත්වය ඉදිරි මාසවලදී ප්රබල මට්ටමකට ළඟාවීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
එම අනාවැකිය අනුව, 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ 1950න් පසු වාර්තා වූ ප්රබලතම එල්නිනෝ සිදුවීමක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 83ක් ලෙස දක්වා තිබේ. එම කාලයේදී මුහුදු මතුපිට උෂ්ණත්වයේ අසාමාන්ය ඉහළ යාම තවදුරටත් වර්ධනය විය හැකි බව ද එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, එල්නිනෝ සංසිද්ධියේ ප්රබලත්වය සහ ශ්රී ලංකාවට ඇතිවන බලපෑමේ තරම එකිනෙකට සමාන නොවන බවත්, මෙරට වර්ෂාපතනය තීරණය කිරීමේදී කලාපීය වායුගෝලීය කැළඹිලි, මෝසම් සුළං සහ බෙංගාල බොක්ක ආශ්රිත කාලගුණ පද්ධති ද වැදගත් වන බවත් සැලකිල්ලට ගත යුතුය.
කාලගුණ අනාවැකි අනුව, ඉදිරි මාස කිහිපයේදී දිවයිනේ ඇතැම් ප්රදේශවල සාමාන්ය අගයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වැසි රටාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
දෙසැම්බර් මාසයේදී විශේෂයෙන් දිවයිනේ ඊසානදිග ප්රදේශවලට සාමාන්ය අගයට වඩා වැඩි වැසි ලැබීමේ හැකියාවක් පවතින බවට ද අනාවැකි පළ වී තිබේ.
එහෙත්, මෙවැනි දිගුකාලීන අනාවැකිවලින් සෑම ප්රදේශයකටම එකසේ අධික වැසි ලැබෙන බවක් අදහස් නොවේ. ඇතැම් ප්රදේශවල කෙටි කාලයක් තුළ අධික වැසි ඇතිවිය හැකි අතර තවත් ප්රදේශවල වැසි හිඟයක් පැවතිය හැකිය.
මෙම දේශගුණික තත්ත්වයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ වැසි ලැබෙන කාලවලදී පවා උෂ්ණත්වය සාමාන්ය අගයට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි වීමයි.
ඉදිරි වසරේ ජනවාරි සිට අප්රේල් දක්වා කාලය තුළ වර්ෂාපතන රටාවේ වෙනස්කම් ඇතිවිය හැකි අතර, ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී වැසි ක්රමයෙන් අඩුවී උණුසුම ඉහළ යා හැකි බවට අනාවැකි පළ වී ඇත. පෙබරවාරි, මාර්තු සහ අප්රේල් මාසවලදී ඇතැම් ප්රදේශවල වියළි හා උණුසුම් කාලගුණයක් වර්ධනය වීමේ අවදානමක් ද පවතී.
එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් කෘෂිකර්මාන්තය, ජල සම්පත් කළමනාකරණය, විදුලිබල නිෂ්පාදනය සහ මහජන සෞඛ්යය කෙරෙහි බලපෑම් ඇතිවිය හැකිය. විශේෂයෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, වගා කටයුතු සැලසුම් කිරීම සහ අධික උණුසුමෙන් ආරක්ෂා වීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
කාලගුණික තත්ත්වය පිළිබඳව අවසන් තීරණ ගැනීමේදී දිනපතා නිකුත් කරන කෙටිකාලීන අනාවැකි සහ අනතුරු ඇඟවීම් අනුගමනය කිරීම අත්යවශ්යය.
ගංවතුරට ලක්විය හැකි පහත්බිම්වල පදිංචිකරුවන්, නායයෑම් අවදානම් සහිත කඳුකර ප්රදේශවල ජනතාව සහ ගංගා ආශ්රිතව ජීවත්වන පිරිස් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ජලයෙන් යටවූ මාර්ග හරහා ගමන් කිරීමෙන් වැළකී සිටීමත්, නායයෑම් පිළිබඳ පූර්ව ලක්ෂණ දක්නට ලැබුණහොත් අදාළ බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමත් වැදගත් වේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කරන නිල නිවේදන නිරීක්ෂණය කිරීමෙන් අවදානම් අවම කරගත හැකිය.
එල්නිනෝ තත්ත්වය ඉදිරි මාසවලදී කොතරම් ප්රබල වුවද, එහි බලපෑම් කල්තියා නිශ්චිතව තීරණය කළ නොහැකිය. එබැවින් අතිශය බියට පත්වීම වෙනුවට විද්යාත්මක අනාවැකි මත පදනම්ව සූදානම් වීම, නිල අනතුරු ඇඟවීම් පිළිපැදීම සහ ජලය ඇතුළු ස්වාභාවික සම්පත් කළමනාකරණය කිරීම කාලීන අවශ්යතාවක් බව දේශගුණ විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම්වලින් පැහැදිලි වේ.
ශ්රී ලංකාවට බලපෑ හැකි ප්රබල එල්නිනෝ දේශගුණික තත්ත්වයක් සම්බන්ධයෙන් ජාත්යන්තර අනාවැකි මගින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද (20) පස්වරුවේ සිට දිවයිනේ බොහෝ ප්රදේශවලට තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා, ක්ෂණික ගංවතුර හා නායයෑම් වැනි ආපදා ඇතිවීමේ අවදානම පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව අවධාරණය කරයි.
එක්වර විශාල වර්ෂාපතනයක් ලැබීමෙන් පහත්බිම් ජලයෙන් යටවීම, ඇළ දොළ හා ගංගා ආශ්රිතව ජල මට්ටම් ඉහළ යාම සහ කඳුකර ප්රදේශවල නායයෑම් අවදානම වර්ධනය විය හැකි බැවින්, කාලගුණ අනාවැකි සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.