අද දින (10) ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි අඩුවීමක් දක්නට ලැබීම සහ එම තත්වය යටතේ ශ්‍රී ලංකා රුපියලේ අගය තව දුරටත් ස්ථාපිත වුවහොත් අප රටේ ඉන්ධන මිල යම් තරමකට හෝ පහළ යාමට ඉඩ ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති.රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.12ක් ලෙස සටහන්වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.13 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් වී තිබූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 80.46ක් ලෙස දැක්විණි.