නුදුරු දිනක මැතිවරණ නැහැ

නුදුරු අනාගතයේදී කිසිදු මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.ඒ අනුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමක් ද සිදු නොවන බව ඇය සඳහන් කළාය. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන නිලන්ති කොට්ටහච්චි මහත්මිය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් වත්මන් පාර්ලිමේන්තුවේ කටයුතු කරයි.
මැතිවරණයක් ආසන්නයේ නොමැති පසුබිමක වුවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 5 වැනිදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන ප්‍රචාරණ හා පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ අරමුණු පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බව ද ඇය කියා සිටියාය.
කළුතර දිස්ත්‍රික්කයේ වසම් 72ම ආවරණය වන පරිදි පක්ෂ සංවිධාන ජාලය යළි සක්‍රීය කරමින්, කාන්තා සභාව ඇතුළු සංවිධාන ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ද මේ යටතේ ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කළාය.
මේ අතර වත්මන් විපක්ෂයේ සුළු පක්ෂ කිසිදු ප්‍රබල මට්ටමක නොමැති බවත්, සමස්ත විපක්ෂය එකමුතු වුවද එය ආණ්ඩුවට සැලකිය යුතු අභියෝගයක් එල්ල කළ හැකි තරම් ශක්තිමත් විපක්ෂයක් නොවන බවත් කොට්ටහච්චි මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

කාලීන පුවත්