ශ්‍රීලනිප දැන් හිස නැති කඳක්ලු; දයාසිරි ගෙන් එජාපයට කරනමක්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ගන්නා ඇතැම් තීන්දු තීරණ අනුව පක්ෂය හිස නැති කඳකට උපමා කරමින් දැඩි කළකිරීමකට පත්ව සිටින ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පිල්මාරුවකට සූදානම්ව සිටින බව පක්ෂආරංචි මාර්ග සඳහන් කරයි.ලබන මස 02 වන දා හෙට්ටිපොල දී පැවැත්වීමට සූදානම් කොට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සරය කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ලබන තුන් වන දා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් ශාලාවේ පැවැත්වීමට කටයුතු යෙදීම ඔහු ගේ මෙම කලකිරීමට ආසන්න හේතුව බව කියනු ලැබේ.එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවකි.නමුත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයකොට එජාපයේ නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු 03ක් පත් කිරීමට යෝජනා වී ඇත.එම නියෝජ්‍ය සංවිධායක තනතුරු තුනෙන් එකක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හට ලබා දීමට සුදානම් කර ඇති අතර අනෙක් තනතුරු දෙක දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් නියෝජනය වන පරිදි ලබා දීමට යෝජනා වී ඇති බව පැවසෙයි.

කාලීන පුවත්