සාපෙළ ප්‍රතිඵල ලබන සතියේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ;එනම් මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බවයි.පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 478,182කි.ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් බව පැවසෙයි.

කාලීන පුවත්