රජය සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ සීනි මිල විවිධාකාරයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිල ගණන් වලට අලෙවි වන බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.ආනයනික සීනි සඳහා පැවති ශත 25 ක බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් සමඟ පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275 කටත් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 කටත් උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබූ රජය විසින් සීනි සඳහා පනවා තිබූ එම උපරිම සිල්ලර මිල පෙරේදා (21) සිට ඉවත් කර ගන්නා ලදී.