හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය දේශපාලන පළිගැනීමක් සේම රටේ ජාතික ආරක්ෂාවට එල්ල කරන මරු පහරක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.එහි දී ඒ මහතා අවධාරණය කරනුයේ ආණ්ඩුව සැබෑ වරදකරුවන් හඹා යනවා වෙනුවට දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව වැරදි ඉලක්ක වෙත යොමු වී ඇති බවකි.
සුරේෂ් සලේ වැනි ඉහළ පෙළේ බුද්ධි නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ රාජ්‍ය බුද්ධි අංශ සතු ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය බිඳ වැටෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
“ආණ්ඩුව උත්සාහ කරන්නේ සැබෑ අපරාධකරුවන් අත්හැර දේශපාලනමය වශයෙන් තමන්ට අවශ්‍ය පුද්ගලයන් පමණක් කොටු කර ගැනීමටද?” යනුවෙන් විමසා සිටින වාසුදේව නානායක්කාර මහතා දේශපාලන කරළියේ ඇතැම් රහසිගත තොරතුරු කාන්දු වීමත් සමඟ පාලක පාර්ශවය තුළ පවතින අභ්‍යන්තර අර්බුද මේ වන විට නිරාවරණය වෙමින් පවතින බවත්, මෙම අත්අඩංගුවට ගැනීම එවැනි අර්බුද වසා ගැනීමට ගන්නා උත්සාහයක් විය හැකි බවත් කියා සිටියි.එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසනුයේ සැබෑ යුක්තිය පසඳලීම පසෙකලා, ජාතික ආරක්ෂාවේ කොඳුනාරටිය බඳු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් දඩයම් කිරීමේ ආදිනව ඉදිරියේදී ආණ්ඩුවටම විඳීමට සිදුවනු ඇති බවකි.