හිටපු ජනපති ගෝඨා ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනා මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ජූලි 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ ( 18) නියෝග කොට තිබේ.නව ජනතා පෙරමුණේ නායකයා ද වන සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදීය.ඔහුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නඩු පවරා ඇත

කාලීන පුවත්