ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනා මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ජූලි 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ ( 18) නියෝග කොට තිබේ.නව ජනතා පෙරමුණේ නායකයා ද වන සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදීය.ඔහුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නඩු පවරා ඇත