අක්කර සීයක අස්වනු නෙළා මිරිස් ආනයනය නතර කිරීමට මුල පුරයි

අනාගතයේ දී මිරිස් ආනයනය නතර කොට මෙරටට අවශ්‍ය මිරිස් මෙරටේ දී නිෂ්පාදනය කර ගැනීම සඳහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම ඊයේ26) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගේ නිරීක්ෂණය යටතේ සිදු විය.
මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 5,000 ක් වුවද දැනට මෙරට නිෂ්පාදනය කරනු ලබන මිරිස් ප්‍රමාණය මෙ.ටොන් 50 ක් පමණ ය.එනිසා මෙනිසා මිරිස් ආනයනය සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වා මෙරට මිරිස් අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමසඳහා දේශීය මිරිස් නිෂ්පාදනය සිය ගුණයකින් ඉහළ නැංවිය යුතුය. මේ අනුව ඉදිරියේ දී හෙක්ටයාර් 3,000 ක මිරිස් වගා කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයා ජනවසමට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ගලබඩ වතුයායේ අක්කර සියයක් වතුකරයේම දෙමළ තරුණයින් සියදෙනෙකු වෙත බෙදා දී මිරිස් වගාව ආරම්භ කළේ ආදර්ශ වගාවක් ලෙසය.
නමුත් ඉතා පහසුවෙන් පළිබෝධ හානි වලට ලක් වන මිරිස් වගාව තුළින් කෘෂි රසායනික භාවිතයෙන් තොරව මහා පරිමාන මිරිස් වගාවන් පවත්වා ගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් කෘෂි ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු සැක පළ කරන අතර ඉහත සඳහන් ඉලක්කය ගෙවතු වගා මට්ටමින් පමණක් කෙසේවත් සපුරා ලිය නොහැකි බව ද ඔව්හු කියා සිටිති.

කාලීන පුවත්