අඟහරුවාදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ

ඉදිරි දින කිහිපය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් සහ ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙතින් ලැබී ඇති බැවින් ලබන අඟහරුවාදා(25) තෙක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා පවසයි .නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරයේ දෝෂය එදින වනවිට යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවත්. එබැවින් ඉදිරියේදී විදුලි කප්පාදුව වළක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දිය හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. කැළණිතිස්ස බලාගාරය, සපුගස්කන්ද විදුලි බලාගාරය සහ කොළඹ වරායේ යාත්‍රාවක සවිකර ඇති බලාගාරය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් උපරිමයෙන් විදුලිය භාවිතා වන පැයවලදී අවශ්‍ය අතිරේක මෙගාවොට් 200 ක විදුලිය ජනනය කළහැකි බව ද අමාත්‍ය වරයා පවසයි.

කාලීන පුවත්