බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත්,අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.නිරිත දිග මෝසම, දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇති බවද කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
උතුරු පළාතෙත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලට පස්වරු 2 න් පමණ පසු, වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත්, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත් වල සුළං වේගය පැයට කිලෝමීටර 30 ත් 40 ත් දක්වා ඉහළ යා හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි.