අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද(19) සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් දූපත් ආශ්‍රිතව අද අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකියි.ඒ හේතුවෙන් අද සිට බෙංගාල බොක්ක මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 ත් දක්වා වැඩි විය හැකියි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

කාලීන පුවත්