අන්තරේ සිසුහු අගමැති නිල නිවස වටලති

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(24) පස්වරුවේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වටලා දැඩි විරෝධයක් එල්ල කළහ.අගමැති නිල නිවසේ තාප්පය මතට ද නැගී ඇතැම් සිසුන් එහි කලු කොඩි සවි කළ අතර තවත් පිරිසක් එම නිල නිවසේ තාප්පයේ විරෝධතා පාඨ ලියූහ.අරගල කරුවන්ට තමන් හමුවී සාකච්ඡා කිරීමට අගමැති වරයා ඊයේ යළිත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විරෝධතා කරුවන් පවසන්නේ රට මෙවන් බිහිසුණු අගාධයකට පත් කළ ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත් විය යුතු බවයි.පසුව මෙම පිරිස මේ කොළඹ කොටුව ප්‍රදේශයේ ඉදි කර තිබූ මාර්ග බාධක අතුරින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන අරගලයට එක් වූහ.

කාලීන පුවත්