අනුරපුර මිහින්තලේ පොසොන් වන්දනාවට අතිරේක ලංගම බස් හාරසීයක්

අනුරපුර පොසොන් උළෙලට සහභාගී වන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සඳහා මේ වන විට අදාල මාර්ග වල ධාවනය වන බස් රථ වලට අමතරව අතිරේක බස් රථ 400 ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ලංගම රජරට ප්‍රාදේශිකය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.පසුගිය වසර වලට සාපේක්ෂව මෙවර අනුරපුර පොසොන් උළෙලට වන්දනාකරුවන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බවට පොසොන් කමිටුවේ දී අනාවරණය වීම මත මෙම තීරණය ගෙන තිබේ.අනුරාධපුර, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, කැකිරාව, දඹුල්ල, පොලොන්නරුව, දියසෙන්පුර (උප), කන්තලේ යන ඩිපෝ මඟින් දිනපතා ධාවනය කෙරෙන බස් රථ වලට අමතරව පිට ප්‍රදේශවලින් ධාවනයට එක් කරන මෙම බස් රථ 400 ජූනි 02, 03, 04 හා 05 දිනවල පැය 24 පුරාම අනුරාධපුර – මිහින්තලේ අතර ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇති අතර ඊට අමතරව අනුරාධපුර – මිහින්තලේ අතර පෞද්ගලික බස් සේවා ද තරකොට තිබේ.

කාලීන පුවත්