අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන විශේෂ නීති සැකසෙයි

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා වන ඊටම ආවේණික නව නීති පද්ධතියක් ගෙන එන බවත්, මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මහා විහාර හා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ අටමස්ථානාධිකාරී හිමි වරුන් ගේ සහ අදාල ක්ෂේත්‍රයන් නියෝජනය කෙරෙන රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ රැස්වීමක දී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කාලීන පුවත්