අවසන් අංකයට දින දෙකක් ඉන්ධන දෙන්න සැලැසුමක්

කිසිදු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලු‍ම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින වෙන් කරන ආකාරය පිළිබඳ බලශක්ති අමාත්‍යංශය තීරණයකට එළඹ ඇත.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දින වෙන් කර ඇති අතර අවසාන ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා දින වෙන් කිරීමට නියමිතයි.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ගැනීමට මෙම ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබා දෙනු ඇති.

කාලීන පුවත්