අවුරුද්දෙන් පස්සේ කොළඹ එන්න අද හෙට අනිද්දා අතිරේක බස්

මෙවර සිංහල අලුත් අවුරුදු සැමරුම සඳහා අගනුවර සිට ගම් බිම් බලා ගොස් සිටින ලක්ෂ දහ දහතුනක් පමණ වන ජනතාවට නැවත කොළඹ බලා පැමිණීම සඳහා අද(15) හෙට සහ අනිද්දා සාමාන්‍ය ධාවන වාර වලට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සහ පෞද්ගලික බස් රථ සේවාවේ බස් රථ හාර දහසක් පමණ යොදවා තිබේ.ඒ අතර පසුගිය සිංහල අවුරුදු නිවාඩුව සඳහා බස් රථ වලින් ගම් බිම් බලා ගිය බොහෝ දෙනකු අතර මඟ බොජුන් හල් හිමියන් ගේ අනිසි ගසා කෑම් වලට ලක් වූ බවට වාර්තා ලැබී තිබේ.

කාලීන පුවත්