ගොවි දුක නම් හොඳට අලෙවි කරන්න පුළුවන් තමයි;ඒත් ඉතින්; – සුනිල් කන්නගර හිටපු කොළඹ රත්නපුර ගා අම්පාර මහ දිසාපති

කිසිදු කරදරයකින්;අපහසුවකින් තොරව ශ්‍රී ලංකාව තුළ අලෙවි කළ හැකි දෙයක් නම් කරන්නැයි යමකු කිවහොත් ඔබ නම් කරන්නේ කුමක්ද?මා නම් නම් කරන්නේ ඔබ හීනෙකින්වත් හිතන දෙයක් නොවේ.මා එහි දී නම් කරනුයේ මේ රටේ ස්වාභාවික සම්පතක් හෝ නිෂ්පාදනය කරන්නක් නොවේ.අලෙවි කිරීම සඳහාම ජන මාධ්‍ය හා දේශපාලන ගොවි සංවිධාන විසින් නි‍ර්මාණය කරගත් “ගොවියාගේ දුක’ නම් වූ සංකල්පයයි. මේ රටේ දැන් සෑහෙන කලක් තිස්සේ “ගොවි දුක” ඉතාම හොඳින් අලෙවි කරන නා නා ප්‍රකාර වෙළෙන්ඳෝ රැසක් සිටිති. දේශපාලන පක්ෂ, මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය, දේශපාලන ගොවි සංවිධාන ඒවා අතුරින් ප්‍රධාන තැනක් ගනියි.ඒ වෙළෙන්ඳන්ට අනුව ගොවීහු බිම් සකසන කාලයට ජලය මදිකමේ දුක උසුලති. බීජ වපුරන විට හොඳ බීජ නැති කමේ දුක විඳිති.බෝග වැවෙන විට කෘමිරෝග හා වල් මර්දනය කළ නොහැකිව හා පෝර නොමැතිව දුක උසුලති. අස්වනු නෙලන කාලයේ දී ඒවා තුට්ටු දෙකට අලෙවි කිරීමට සිදුවීමෙන් අතිශය දුක්ඛ දායක තත්වයට පත්වෙති.කොටින්ම ඔවුන්ට අනුව නම් ගොවියා යනු සදාකාලික දුකේම ඇලී ගැලී ජීවත්වීමට නොහැකිව සිය දිවිනසා ගැනීමට ඔන්න මෙන්න තත්වයක පසුවන අතිශය පීඩිතයෙකි.ඒ අනුව අප සමාජයේ ජන කේන්ද්‍රීය වෘත්තිය වන ගොවිතැන ගැන නොදත් හුදු නාගරික සමාජය මෙරට ගොවීන් ගැන අසා “අනේ අපොයි” කියා නිකටේ අත තබා ගනිති.

2007න් පසුව බින්තැන්න පත්තුවේ රඹකැන්ඔය ජලාශය ඉදි කර මුන්දෙනි ආරු ද්‍රෝණිය සංවර්ධනය ඇරඹිණි.තව වසර දහයක් තුළදී සමස්ත අම්පාර දිස්ත්‍රික්කය දකුණු මායිමේ පානම සිට උතුරු මායිමට ඇති දෙහිඅත්තකණ්ඩිය දක්වා කිලෝමීටර් 275ක දිගින්‍ යුතු ප්‍රදේශය එකම කෘෂිකාර්මික භූමියක් වන ලකුණු දක්නට ඇත. මේ අම්පාර භූමිය තුළ දී සංවර්ධිත ගොවි ජනපද,සංවර්ධනය ආරම්භ කරන සමයේ වූ ගොවි ජනපද, සාම්ප්‍රදායික අහස් දියෙන් වගා කරන කෘෂිකාර්මික ගම්බිම් පිළිබඳ ඇති තතු,මම මසැසින් සේම මනැසින් ද දැක ඇත්තෙමි.

එහෙත් මේ සත්‍යයක්ද?යන ගැටලුව මට මුලින්ම ඇති වූයේ මගේ යෞවන වයසේ දී රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට ලංකාවේ ගොවි දිස්ත්‍රික්කයක් වන අම්පාරට ගොස් කලක් එහි ජීවත් වූ පසුව ය.අම්පාර යනු ලංකාවේ විශාලතම වාරිමාර්ග ව්‍යාපාරය මගින් ජල සම්පාදනය කරන රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් පහෙන් පංගුවකට දායකත්වයක් දෙන ප්‍රධානතම ජනවර්ග හා ආගම් අදහන්නවුන් සහජීවනයෙන් යුතුව ජීවත්වන කෘෂිකාර්මික දිස්ත්‍රික්කයකි.ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය බිහිවීමට පෙර සිටම රටේ විශාලතම කුඹුරුයාය පිහිටා තිබුණේ ද අම්පාර දිස්ත්‍රික්කයට වර්තමානයේ අයත් ප්‍රදේශයේ ය.1949 ගල්ඔය සංවර්ධනය අරඹා වසර පහලොවක් ගතවෙද්දී අම්පාර දිස්ත්‍රික්කය අක්කර 120000කට වී වගාව සඳහා ජලය සපයන සේනානායක සමුද්‍රය හා ,පල්ලංඔය, එක්ගල්ඔය, නාමල්ඔය, පන්නල්ගම, අම්බලන්ඔය වැනි ස්වාධීන ජලාශ වලින් වගා කෙරෙන විශාල භූමියක් ද කෘෂිකර්මාන්තයට යෙදවූ ප්‍රදේශයක් බවට පත් විය.මීට පසු 1980දශකයේ මහවැලි ව්‍යාපාරය මගින් අම්පාර උතුරු ප්‍රදේශයේ මහා වනන්තර එළි පෙහෙලිකර නව ජනාවාස නගර හා වගා බිම් ඇතිකර තවදුරටත් සංවර්ධනය විය. 2007න් පසුව බින්තැන්න පත්තුවේ රඹකැන්ඔය ජලාශය ඉදි කර මුන්දෙනි ආරු ද්‍රෝණිය සංවර්ධනය ඇරඹිණි.තව වසර දහයක් තුළදී සමස්ත අම්පාර දිස්ත්‍රික්කය දකුණු මායිමේ පානම සිට උතුරු මායිමට ඇති දෙහිඅත්තකණ්ඩිය දක්වා කිලෝමීටර් 275ක දිගින්‍ යුතු ප්‍රදේශය එකම කෘෂිකාර්මික භූමියක් වන ලකුණු දක්නට ඇත. මේ අම්පාර භූමිය තුළ දී සංවර්ධිත ගොවි ජනපද,සංවර්ධනය ආරම්භ කරන සමයේ වූ ගොවි ජනපද, සාම්ප්‍රදායික අහස් දියෙන් වගා කරන කෘෂිකාර්මික ගම්බිම් පිළිබඳ ඇති තතු,මම මසැසින් සේම මනැසින් ද දැක ඇත්තෙමි.ඒ සඳහා එහි විවිධ ස්වරූපයේ ගොවීන් සමඟ සමීපව කටයුතු කර ඇත්තෙමි.ඔවුන් මුහුණ දෙන ගැටළු ඔවුන්ගේ චිත්ත ධෛර්ය,ජයග්‍රහණ, පසුබෑම් ආදිය හොඳින්ම දැක ඇත්තෙමි.එබැවින් අද අප රටේ හොඳටම අලෙවි කරන ගොවියාගේ දුක පිළිබඳව වන යථාර්ථය විමසීමට ලක් කරන්නේ ඒ අත්දකීම් මත පදනම්ව ය.

ගල්ඔය මුල් ගොවි පරපුරේ දරුවන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පරිපාලන සේවා නිලධාරීන් ගණකාධිකාරීවරුන් ආදීන් ලෙස රාජ්‍ය සේවයට එක්වීම ඇරඹී තිබුණි. ඒ වන විටත් ගුරු වෘත්තිය ලිපිකරු වෘත්තිය හා ක්ෂේත්‍ර නිලධාරීන් ආදී ලෙස ද විශාල පිරිසක් රාජ්‍ය සේවයට එක්ව සිටියහ.එය එවක එහි යහපත් සමාජ ආර්ථිකයක් පැවැති බව වටහා ගත හැකි දර්ශකයකි. ඉන් පසුව කෙමෙන් ප්‍රවර්ධනය වූ එහි සමාජ ආර්ථිකය වර්තමානය වන විට ලියාපදිංචි කරන ලද මෝටර් වාහනයක් නොමැති ගොවි නිවසක් මේ බල ප්‍රදේශයේ සොයාගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් පෙනී යයි.මේ සියල්ල අහිංසක ගොවියන් විසින් සිදුකර ඇත්තේ බුදු දහමින් අනුමත දැහැමි ජීවනෝපායක් වන දහඩිය වැගිරීමෙන් හා දෑතේ සවියෙන් හෙවත් ගොවිතැනෙන් ලද ආදායමෙන් මිස වෙනත්‍ රැකියාවකින් හෝ අනුන්ගේ දේවල් කඩා වඩා ගැනීමෙන් නොවේ.

ගල්ඔය සංවර්ධනය කිරීමට පෙර අම්පාරේ විශාලතම ගොවි බිම වූයේ සම්මන්තුර සිට අක්කරපත්තුව දක්වා නින්දවුර් අඩ්ඩාලචේන හරහා පැතිර තිබුණු කුඹුරු යායයි.මේ කුඹුරුයාය අක්කර හතලිස් දහසක් පමණ වුවත් වගාවට යොදාගත හැකිව තිබුණු ප්‍රමාණය ඉන් අඩක් පමණ විය.මින් ලද අස්වැන්න අක්කරයට වී බුසල් අටක් පමණ විය.ගල්ඔය ගඟේ බැඳි තාවකාලික අමුණු මගින් ජලය හරවා කළ මේ භූමිය වගා කිරීමට වර්ෂා සමයේ ජල ගැල්මත් නියං සමයේ ජල හිඟයත් ප්‍රධාන බාධාවන් ලෙස සැලකුණි.මීට විසඳුම් සෙවූ යටත් විජිත රජය පට්ටිපොල ආරු ව්‍යාපාරයත් ඊට ආනුශංසිකව ගල්ඔය යෝජනා ක්‍රමයත් හඳුන්වා දෙන ලදී .ගල්ඔය යෝජනා ක්‍රමය යටතේ ගල්ඔය පද්ධතිය තුළ ස්ථාපිත අමුණු විසි දෙකකින් හරවන ජලය මනා පාලනයකින් වගා කන්න දෙකටම අඛණ්ඩව ලබාදෙන ලදී. රජයේ මැදිහත්වීමෙන් දියුණු කළ බීජ වී වර්ග හදුන්වා දීමත් රසායනික පොහොර කෘමි හා වල්නාශක යෙදීම හුරු කරවීම ආදිය නිසා ක්‍රමයෙන් ඉහළ ගිය සාමාන්‍ය අස්වැන්න අද වනවිට අක්කරයකට වී බුසල්150- 180 අතරට පත්ව ඇත. මේ ගල්ඔය යටතේ අද ඇති සම්ප්‍රදායික කුඹුරු ඉඩම්වල ප්‍රගතියයි.ගල් ඔය වම් ඉවුර යටතේ ආරම්භ කළ නව වී වගා බිම අක්කර හතලිස් පන්දාහ ද ඉක්මවීය.මේ භූමිය තුළ ජනාවාස පද්ධතියක් ආරම්හ කළ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් ඉඩම් නොමැති ගොවි පවුල් 4500ක් පමණ ඒවායේ පදිංචි කරවන ලදී. ඔවුන්ට ගල්ඔය සංවර්ධන මණ්ඩලය ලබාදුන් කුඩා නිවසක් සහිත ගොඩ ඉඩමක් හා වාරි පහසුකම් සහිත අක්කර හතරක කුඹුරු ඉඩමක් ද ලැබිණි.රජයෙන් ලබාදුන් සහයන් ද යොදාගනිමින් මේ නව භූමිය තුළ වගාව ආරම්භ කළ ඔවුන්ගේ සාමාන්‍ය අස්වැන්න අක්කරයකට වී බුසල් පහලොවක් පමණ විය.අප්‍රතිහත ධෛර්‍යයෙන් හා රජයෙන් සැපයුණු දියුණු කෘෂිකාර්මික වගා උපදෙස් ,නව බීජ වී වර්ග යොදාගෙන වගාව වැඩි දියුණු කළ මේ ගොවීහු වර්තමානයේ අක්කරයකට බුසල් 120-150අතර වූ සාමන්‍ය අස්වැන්නක් ලබා ගනිති.ආරම්භයේ ගල්ඔය සංවර්ධන මණ්ඩලය සැපයූ කුඩා නිවසේ සිය දරු පවුල සමග අසීරුවෙන් දිවි ගෙවූ මේ ගොවීන් වඩා දියුණු පහසුකම් සහිත නව නිවාස තැනිම ආරම්භ කළේ ගල්ඔයට පැමිණ වසර දහයක් යාමටත් පෙරදී ය. ගල්ඔය පදිංචි කිරීම ආරම්භ කර වසර තිහක් පමණ ගෙවෙද්දී රාජකාරිය සඳහා එහි ගිය අපට ගල්ඔය සංවර්ධන මණ්ඩලයෙන් සැපයූ ගොවි නිවාස ඉතිරිවී තිබූ බවක් නොපෙනුණි.

අප මුල්වරට එහි යන විටත් ගල්ඔය මුල් ගොවි පරපුරේ දරුවන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පරිපාලන සේවා නිලධාරීන් ගණකාධිකාරීවරුන් ආදීන් ලෙස රාජ්‍ය සේවයට එක්වීම ඇරඹී තිබුණි. ඒ වන විටත් ගුරු වෘත්තිය ලිපිකරු වෘත්තිය හා ක්ෂේත්‍ර නිලධාරීන් ආදී ලෙස ද විශාල පිරිසක් රාජ්‍ය සේවයට එක්ව සිටියහ.එය එවක එහි යහපත් සමාජ ආර්ථිකයක් පැවැති බව වටහා ගත හැකි දර්ශකයකි. ඉන් පසුව කෙමෙන් ප්‍රවර්ධනය වූ එහි සමාජ ආර්ථිකය වර්තමානය වන විට ලියාපදිංචි කරන ලද මෝටර් වාහනයක් නොමැති ගොවි නිවසක් මේ බල ප්‍රදේශයේ සොයාගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් පෙනී යයි.මේ සියල්ල අහිංසක ගොවියන් විසින් සිදුකර ඇත්තේ බුදු දහමින් අනුමත දැහැමි ජීවනෝපායක් වන දහඩිය වැගිරීමෙන් හා දෑතේ සවියෙන් හෙවත් ගොවිතැනෙන් ලද ආදායමෙන් මිස වෙනත්‍ රැකියාවකින් හෝ අනුන්ගේ දේවල් කඩා වඩා ගැනීමෙන් නොවේ. සාමාන්‍යයෙන් වර්තමානය වන විට කුඹුරු අක්කරයක් වගා කිරීම සඳහා ගොවියෙකු උපරිම රුපියල් හැත්තෑ පන්දහසක් පමණ වියදම් කළ යුතු වේ.මේ වියදම පියැවීමට වී කිලෝ එකක් රුපියල් සීයට මිල කළත් අවශ්‍ය වන්නේ වී කිලෝ හත්සිය පනහකි. සාමාන්‍යයෙන් අක්කරයකින් වී කිලෝ එක් දහස් හත්සිය පනහක් වත් අවම ලබාගත හැකිවේ.මේ අන්දමින් අස්වැන්න වැඩිකර රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ආරම්භක පියවර තැබුවේ. ගල්ඔය මිනිපේ මින්නේරිය අල්ල කන්තලේ වැනි ගොවිජනපදවල ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ පදිංචිවී ඉඩම් වගාකළ අභීත ගොවි පරපුර ය.පසුව මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉඩම් ලාභීන් වූ 80 දශකයේ ඊළඟ ගොවි පරපුරේ දායකත්වයත් සමග රට සහලින් ස්වයංපෝෂිත විය.වී වගාවේ නිරත වන අප රටේ ගොවියාගේ කතාවේ පැතිකඩක් වන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියන්ගේ සාර්ථකත්වය දෙස බැලීමෙන් පෙනෙන්නේ රටේ ගොවි ජනතාව තමන් මුහුණ දෙන දුෂ්කරතා හා අභියෝග විකුණමින් ජිවත්වන යාචක පිරිසක් නොව එකී දුෂ්කරතාවලින් පන්නරය ලැබ තමන් නිරන්තරයෙන් මුහුණ දෙන අභියෝගයන් ජයගනිමින් ජීවිතය සාර්ථක කරගත් වීරෝදාර පිරිසක් බව ය.
වර්තමාන තරුණ පරපුර කෘෂිකර්මාන්තය කෙරෙහි ආකර්ශනය නොමැති ත්‍රීවිලර් කෙරෙහි ආකර්ශනය වන පිරිසක් ලෙස බොහෝ අය විග්‍රහ කළත් කෘෂිකර්මාන්තයේ යෙදෙන තරුණ පිරිස් ඉතාම ආකර්ෂණීය ජයග්‍රහණ රටට දායාද කරන පිරිසක් බවට වන තොරතුරු ලැබෙමින් පවතී.

පසුගිය කාලයේ අක්කරයක පැණි කොමඩු වගාවෙන් ලක්ෂ විසිහතරක ආදායමක් ලැබූ තරුණයෙකු පිළිබඳව වාර්තා විය.තමන්ට කියා ඉඩමක්වත් නැති ඒ තරුණයා තාවකලිකව බද්දට ගත් ඉඩමක කෘෂිකර්ම නිධාරීන්ගේ උපදෙස්වලට අනුකූලව පැණි කොමඩු එගා කර මේ ආදායම උපයාගෙන ඇත. ඉතා මෑතක දී අක්කර භාගයක මිරිස් වගා කළ ගොවි මහතකු රුපියල් මිලියන දොලහක ආදායක් ඉපයීමේ පුවතක් ද වාර්තා විය.තව බොහෝ දෙනෙකු නොදන්නවාට දේශීය අල වර්ග වගා කරන ගොවීහු සිය වගාවෙන් වසරකට රුපියල් මිලියන දෙකකට ආසන්න ඉපයීම් කරති.රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරි කළ මට ඒ දිනවල දැනගන්නට ලැබුණේ බලංගොඩ ප්‍රදේශයේ ගොවි මහතකු තමන් වගා කළ කරවිල විකුණා ලොරියක් ගෙනා පුවතකි.ඕපනායක ප්‍රදේශයේදී ආරක්ෂිත මඩුවක බඳුන් 112ක්‍ යොදාගෙන වගාකරන ගොවි මහතකු ගේ වගාව ද මම නිරීක්ෂණය කළෙමි .තක්කාලි වගාකර අස්වනු නෙලන අවදියේ සිටි ඔහු ඒ තක්කාලි පැල 112න් අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් 75000/=බවත් ඒ වනවිටත් රුපියල් 45000/=ක ආදායමක් ලැබී ඇති බවත් ඉතිරි අස්වැන්නෙන් තව හතලිස් දහසක් පහසුවෙන් ලබා ගත හැකි බවත් මට පැවසුවේ මහත් විශ්වාසයෙනි..ඔහු වැඩිදුරටත් මට පැවසුවේ එම ආරක්ෂිත මඩුවේ වගාවෙන් අවුරුද්දට ලක්ෂ දෙකක් පහසුවෙන්ම තමන් ආදායම් ලබන බවයි. මෙම වගාව සඳහා ඔහු දිනකට පැයක පමණ කාලයක් ගෙවන බවත් එම කාලය ද ගත කරන්නේ තම නිත්‍ය දෛනික කටයුතු ආරම්භයට පෙර හා දෛනික කටයුතු අවසන්කර නිවසට පැමිණීමෙන් පසුව ගත කරන කාලයෙනි. එමෙන්ම මේවා හුදු ම`විසින් සත්‍ය තහවුරු කර ගත් ඒවා මිස ඕපාදූප නොවන බව ද පවසනු කැමැත්තෙමි.එහෙත්, ගොවීන්ගේ මෙවන් අත්දැකීම් යටපත් කර දේශපාලන ගොවි සංවිධාන රටට පෙන්වන්න හදන්නේ ගොවියා යනු සදා දුකෙන් පීඩිත අන්ත අසරණ කොටසක් බව ය. මා අම්පාර දිස්ත්‍රික්කයේ රාජකාරි කරද්දී මෙබඳු දේශපාලන ගොවි සංවිධනයක් නාමල්ඔය ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් සමඟ පෙලපාලියකින් කච්චේරියට පැමිණියේ නාමල් ඔය ගොවි දුක ගැන විරෝධය පාන්නට ය.

ගොවි සංවිධායකයා ගොවීන්ට රජයෙන් සලසා ඇති සහන මොනවාදයි.අවඥාවෙන් විමසීය.මම ඔහුගෙන් ගොවිතැනට අවශ්‍ය ප්‍රධානම දේවල් මොනවාද?කියා විමසීමි.එවිට “ඔබතුමාම කියන්න”යැයි ඔහු බැවින් ගොවිතැනට ප්‍රධාන වශයෙන්ම ඉඩම් හා ජලය යන සාධක දෙක අවශ්‍ය බව පවසා වැඩිහිටි ගොවියෙකුගෙන් “මාමලාට නාමල් ඔය ව්‍යාපාරෙ ඉඩම් දුන්නෙ කවුදැ”යි විමසුවෙමි.”ආණ්ඩුවෙන්නෙ මහත්තයෝ”ගොවියාගෙන් පිළිතුර ලැබිණි.” ඒකට මාමලා ආණ්ඩුවට කීයක් විතර ගෙවනවද?”ඒ සමඟම මා ඇසූ විට ඔහු කීයේ “ඒ ඉඩම් දුන්නෙ නිකම් නෙ මහත්තයෝ ” යන්න ය.එතකොට”දැන් කන්නෙ වවන්න වතුර දෙන්නෙ කවුද?” මා ඇසූ විට “ඒකත් වාරිමාර්ගෙන්නෙ”කීපදෙනෙක්ම පිළිතුරු දුන්නේ එකවරම ය.ඉඩම හා ජලය සඳහා ගාස්තුවක් අය කරනවාදයි ඇසූ පැනයට “නැත” යනුවෙන් ද පිළිතුරු ලැබිනි.

පෙලපාලිය කච්චේරියේ ගේට්ටුවෙන් නැවැත් වූ පොලිස් නිලධාරීහු ඒ පිරිසෙන් පස් දෙනෙකු ඇතුලට එවන්න දැයි මගෙන් ඇසූහ.මා පෙලපාලියේ කොපමණ පිරිසක් සිටීදැයි ඇසූ විට “සීයක් විතර” යැයි පිළිතුරු ලැබුණි.එසේ නම් ඒ සියලු දෙනාම රැස්වීම් ශාලාවේ අසුන් ගන්වන ලෙසත් විරෝධයට සවන් දීමට මම එතනට එන බව දන්වන ලෙසත් පැවසුවෙමි.රැස්වීම් ශාලාවට ගොස් මා අසුන්ගත් සැනෙන් දේශපාලන ගොවි සංවිධයකයා නැඟිට නාමල්ඔය ව්‍යාපාරයේ ගොවීන් කිසිදු හව්හරණක් නැති රජයෙන් කිසිදු උපකාරයක් නැතිව පීඩිත ව අසරණව සිටින බවත් ඔවුන්ට වහා සහන සැලසීම වහාම රජයෙන් සිදුවිය යුතු බවත් අවධාරණය කළේය. මා ඊට පිළිතුරු ලෙස පැමිණ සිටින ගොවි මහතුන් මා ඉතාම ගෞරවයෙන් පිළිගන්නා බවත් මේ ගොවි මහත්වරුන්ට මෙතෙක් රජයෙන් ලබා දී ඇති සහායන් ඒ සංවිධායක තුමන් නොදන්නවා වුණාට මේ වැඩිහිටි ගොවි මහතුන් මැනවින් දන්නා බවත් මා ආණ්ඩුවේ ඒජන්ත වරයා ලෙස ලෙස සෑම විටම ඔවුන්ගේ ගැටළුවලට සවන්දීමට සූදානම් නිසාම සියලු දෙනාටම රස්වීම් ශාලාවට ඇරැයුම් කළ බවත් පැවසීමි.එවිට වහා නැගිට ගත් ගොවි සංවිධායකයා ගොවීන්ට රජයෙන් සලසා ඇති සහන මොනවාදයි.අවඥාවෙන් විමසීය.මම ඔහුගෙන් ගොවිතැනට අවශ්‍ය ප්‍රධානම දේවල් මොනවාද?කියා විමසීමි.එවිට “ඔබතුමාම කියන්න”යැයි ඔහු බැවින් ගොවිතැනට ප්‍රධාන වශයෙන්ම ඉඩම් හා ජලය යන සාධක දෙක අවශ්‍ය බව පවසා වැඩිහිටි ගොවියෙකුගෙන් “මාමලාට නාමල් ඔය ව්‍යාපාරෙ ඉඩම් දුන්නෙ කවුදැ”යි විමසුවෙමි.”ආණ්ඩුවෙන්නෙ මහත්තයෝ”ගොවියාගෙන් පිළිතුර ලැබිණි.” ඒකට මාමලා ආණ්ඩුවට කීයක් විතර ගෙවනවද?”ඒ සමඟම මා ඇසූ විට ඔහු කීයේ “ඒ ඉඩම් දුන්නෙ නිකම් නෙ මහත්තයෝ ” යන්න ය.එතකොට”දැන් කන්නෙ වවන්න වතුර දෙන්නෙ කවුද?” මා ඇසූ විට “ඒකත් වාරිමාර්ගෙන්නෙ”කීපදෙනෙක්ම පිළිතුරු දුන්නේ එකවරම ය.ඉඩම හා ජලය සඳහා ගාස්තුවක් අය කරනවාදයි ඇසූ පැනයට “නැත” යනුවෙන් ද පිළිතුරු ලැබිනි.

ගොවීන් කීපදෙනෙකුම මා අසලට පැමිණ “මේ පැත්තක ඉන්න අපිවත් ඇදගෙන මේ ආවේ මුන්ට පිස්සුනෙ මහත්තයෝ: අපි ඉතින් ගමේ එකාලට බෑ කියන්න බැරිකමට ආවට අපිට ආණ්ඩුවෙන් ඉඩමක් දීල වතුරත් දීල කරපු උදව් අමතක කරල නෑ”.කියා මගෙන් සමුගත්හ.

එවිට ගොවි සංවිධායකයා නැගිට “අපිට ඔබ තුමාගෙ කාලෙ නස්තිකරන්නෙ නැතුව අපේ සංදේශය බාරදෙන්න ඉඩදෙන්නැ”යි ඉල්ලා සිටියේය.එවිට මා කියා සිටියේ මගේ රාජකාරි කාලයේ ප්‍රමුඛතම වෙන්කිරීම ඇත්තේ ජනතාවට සවන් දීමට නිසා කිසිදු කාලය නාස්තියක් සිදු නොවන බව ය.පසුව මම නාමල් ඔය ව්‍යාපාරය ගැන සහ එහි ගොවීන් මුහුණ දෙන තත්කාලීන අභියෝග ගැනත් පවසා ගොවීන්ගේ සේවාව අගය කර ඉදිරියටත් රජය ගොවීන් වෙනුවෙන් දිය යුතු සහය ලබා දෙන බවට පොරොන්දු වී සංවිධායකයාගේ සංදේශය ද භාරගෙන රැස්වීම නිම කළෙමි. කට්ටිය පිටව යද්දී ගොවීන් කීපදෙනෙකුම මා අසලට පැමිණ “මේ පැත්තක ඉන්න අපිවත් ඇදගෙන මේ ආවේ මුන්ට පිස්සුනෙ මහත්තයෝ: අපි ඉතින් ගමේ එකාලට බෑ කියන්න බැරිකමට ආවට අපිට ආණ්ඩුවෙන් ඉඩමක් දීල වතුරත් දීල කරපු උදව් අමතක කරල නෑ”.කියා මගෙන් සමුගත්හ. අප රටේ කිසිදු වෘත්තියකට හෝ රැකියාවකට උවමනා යටිතල පහසුකම් පරිපූර්ණ ලෙස නොලැබීම වෙනම කතාවකි.එහෙත්, ජන සමාජය පුරා විසිරී සිටින හා සමස්ත ශ්‍රී ලාංකේය සමාජය හමුවේ එක සේ අවලෝකනය වන රටේ ආහාර නිෂ්පාදනය කරන ගොවි ජනතාව අන්ත අසරණ පීඩිත පිරිසක් බවට වන චිත්‍රයක් දේශපාලන ගොවි සංවිධානවලින් නිර්මාණය කරන්නේ හුදෙක් දේශපාලනික වාසිය සඳහා බවත් ජන මාධ්‍ය මේ දුක ඉස්මතුකරන්නේ සතුටට වඩා දුක විකිණීම වඩා පහසු බව දන්නා නිසා යැයි මට සිතෙයි.නමුත් ඔවුන් ඒ සඳහා දරන වෑයමෙන් දහයෙන් පංගුවක් වත් ගොවි සිත් දිරි ගැන්වීමට; ඔවුන් තුළ සාධනීය ආකල්ප ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ හොත් එහි වාසිය ඒකාන්ත වශයෙන්ම සමස්ත ජාතියටම ලබා ගත හැකි වනු ඇත.

සුනිල් කන්නගර හිටපු කොළඹ රත්නපුර ගා අම්පාර මහ දිසාපති

ඉරා අදුරුපට