ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික නවතී

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

තානාපතිවරයා සඳහන් කළේ, පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බවයි.

ඉදිරි දිනවල යම් ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීනම්, අදාළ අංශ සමග සාකච්ඡා කර, දිනය සංශෝධනය කරගන්නැයි ද, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දෙයි.

ඔහු පැවසුවේ, පවතින තත්ත්වය හේතුවෙන් ලාංකිකයින්ට බලපෑමක් වූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බවයි.

කාලීන පුවත්