ගල්ගමුවේ ඇත් පිළිරුව අබියස පැවැත්වෙන හරිත බක් මහ උළෙලේ සොඳුරු දසුන්(Update-3.25p.m)

නූතන සිංහල අලුත් අවුරුදු උත්සව ආකෘතියේ පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් මිනිසා සහ සොබා දහම අතර පැවැතිය යුතු සනාතනික සබැඳියාව තහවුරු කිරීම අරමුණු කර ගත් හරිත බක් මහ උළෙලක් අද (28) පෙ.ව 9.00 සිට කොළඹ-කුරුණෑගල (ඇල්ල හරහා) අනුරාධපුර ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව සමීපයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය “ඇත් පිළිරුව” අබියස දී ආරම්භ විය.සෙනරත්ගම ඇතුළු අවට ගම්වාසීන් ගේ පූර්ණ සහයෝගයෙන් මෙම හරිත බක් මහ උළෙල ගල්ගමුව ප්‍රාදේශීය සහාව සහ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානය මඟින් සංවිධානය කොට තිබේ.ගල්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි ඕනෑම අයකුට සහභාගී විය හැකි කාණ්ඩ යටතේ තරඟ මෙහි පැවැත්වීමට සැලසුම් කොට ඇත. මෙම හරිත බක් මහ උළෙලේ විවෘත තරඟ ඉසව් අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබසාධක සංවිධානයේ ව්‍යාපෘති සහ මෙහෙයුම් අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමුද්‍රා පොත් ඇතුළු කුරුණෑගල සමුද්‍රා කොන්සොලිඩේටඩ්(පෞද්) සමාගමේ සභාපතිනි සමුද්‍රිකා ද සිල්වා මහත්මිය සහ එහි අධ්‍යක්ෂ කේසර ද සිල්වා මහතා  මෙම හරිත බක් මහ උළෙලේ ප්‍රධාන ආරාධිතයන් ලෙස එක් වූ අවස්ථාව

විනිශ්චය මණ්ඩලය
ක්ෂණික රූ රටා තරඟය සඳහා ලියාපදිංචිය

ඇත් පිළිරුව ක්ෂණික රූ රටාවන්ට නැංවීමේ තරඟය
සමුද්‍රිකා ද සිල්වා මහත්මිය බක් මහ උළෙල අමතමින්

එතෙර - මෙතෙර