ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇතැයි රජය කියයි.

ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

කාලීන පුවත්