ඉන්දියන් බිත්තර මිලියන 15ක් අද දිවයිනට

ලබන වසරේ අප්‍රියෙල් දක්වා මාස 04 ක කාලයක් සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර හිමී වීමෙන් පසු ඉදිරි උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් අද(18) ඉන්දියාවෙන් දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක්ද අද දිනයේ සතොස ආයතන වෙත නිකුත් කිරීමට නියමිතය.මේ අනුව මේ වන විට රුපියල් 55-65 අතර පවතින බිත්තරයක මිල රුපියල් දහයකින් පමණ අඩුවෙතැයි අපේක්ෂා කෙරේ.නමුත් ඒ සම්බන්ධයෙන් කුකුළු ගොවිපල හිමි කරුවන් පවසනුයේ දැනට පවත්නා වාතාවරණය යටතේ එවැනි අඩු මිලකට බිත්තර වෙළඳ පලට නිකුත් කළ හොත් තව නොබෝ කලකින්ම මෙරට කුකුළු ගොවිපල ආශ්‍රිත කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටෙන බවකි.

කාලීන පුවත්